සාදයේ ගුටිබැට කෙළියෙන් තරුණයෙක් අවසන් ගමන් යයි..
By Sewvandhi
පොලීසිය සදහන් කලේ,අවුරුදු 25ක් පමණ වන අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති තරුණයෙක් කොළඹ වරාය නගර පරිශ්‍රයේ පැවති සාදයක් අතරතුර හටගත් ගැටුමකින් මියගොස් ඇති බවයි.
වරාය නගර පරිශ්‍රයේ ඊයේ (17) රාත්‍රියේ පිරිසක් එක්වී සංවිධානය කර තිබූ සාදයක් අතරතුර සිදුවූ පහරදීමකින් එම තරුණයා තුවාල ලබා ඇති බව සඳහන් විය.
අද (18) අලුයම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් වරාය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |