ආගන්තුකයෙකුගේ ආක්‍රමණයෙන් ලෝක ප්‍රකට ටෙනිස් තරඟ පිටියක් හෙල්ලෙයි.

By Hashini Sep 04, 2023 08:52 AM GMT
Report

මේ දිනවල පැවැත්වෙන අමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ඉකුත් දා පැවැති කාන්තා යුගල තරඟයක් ලොව පුරා අවධානයට යොමු වුණා.

ඒ අනපේක්ෂිත ලෙස ටෙනිස් පිටියට පැමිණි අනාරාධිත ක්‍රීඩකයෙකු හේතුවෙන්.

එලෙස ටෙනිස් පිටිය ආක්‍රමණය කර තිබුණේ ලේනෙක්.

ලේනාගේ බාධා කිරීම් හමුවේ තරඟය මද වේලාවකට නතර කිරීමට තරඟ සංවිධායකයින්ට සිදු වුණා.

තරඟයට බාධා කරමින් ටෙනිස් පිටියේ දිවගිය ලේනා හේතුවෙන් තරඟකාරියන්ගේ අවධානය ඒ වෙත යොමු වීම තරඟය නතර කිරීමට ප්‍රධාන හේතුව වී තිබෙනවා.

ක්‍රීඩාංගනයෙන් පිටතට යාමට උත්සාහ කරන ලේනා, ප්‍රේක්ෂක ආසන වටා වේගයෙන් දිව යන අයුරු ද කැමරා කාචවල සටහන්ව තිබුණා.

එම දර්ශන අමෙරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ බලධාරීන් විසින් X ගිණුම හරහා මුදා හැර තිබූ අතර ඊට පරිශීලක නැරඹුම්වාර ලක්ෂයක් පමණ තිබූ බවයි වාර්තා වන්නේ.