ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

By Piyumika Jul 24, 2024 03:43 AM GMT
Report

යුද්ධයෙන් ආබාධිත තත්ත්වයට පත් වූ මුලතිව් මුල්ලියාවලෙයි ප්‍රදේශයේ කාන්තාවකට අයත් නිවසක් ඊයේ (23) හදිසියේම ගිණි ගෙන විනාශ වී තිබේ .

මෙම ගින්න නිසා නිවසේ තිබූ සියලුම බඩු බාහිරාදියද විනාශ වී ඇතැයි වාර්තා වී ඇත .

ගින්න හටගත් අවස්ථාවේදී එම කාන්තාව පමණක් නිවසේ නිදාගෙන සිට ඇති අතර, ගින්න හට ගැනීමත් සමගම ඇය කෑගැසීම නිසා අවට පිරිස් එම නිවස වෙත පැමිණ ගින්න නිවා දැමීමට උත්සහ කර තිබේ .

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුර..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුර..

එසේ පැමිණි පිරිසෙන් එක් අයෙකු නිවසේ වහලයෙන් බිමට වැටී ගිණි ගොඩ මැදට හසු වීම නිසා බරපතල තුවාල ලබා මුලතිව් රෝහලට ඇතුලත් කර තිබුණි .

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මුල්ලියාවලෙයි පොලිසිය සැක කරන්නේ විදුලිය කාන්දුවීමක් හේතුවෙන් මෙම ගින්න හට ගන්නට ඇති බවයි.

අමුතු නැටුමක් උගන්නන්න ගිය නැටුම් ගුරා මාට්ටු ..

අමුතු නැටුමක් උගන්නන්න ගිය නැටුම් ගුරා මාට්ටු ..

නිවසට ගිනි ඇවිලුණු අවස්ථාවේ නිවස අවට විදුලි රැහැන් වලට හානි සිදුව ඒවා බිමට කඩා වැටීම නිසා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පැමිණ පළාතේ විදුලිය විසන්ධි කර තිබේ .

මුල්ලියාවලෙයි පොලීසිය මෙම ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබයි .