කාන්තාවක් ගිනි අවියක් සමඟ අත්අඩංගුවට.

Police spokesman Sri Lanka
By Hashini Oct 24, 2023 02:48 AM GMT
Hashini

Hashini

Report

 විදේශීය නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් එම ජීව උණ්ඩ 15ක් සහිත පතරොම් ගැබක් සමඟ කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉංගිරිය,හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර කාන්තාව පදිංචිව සිටි නිවසේ එම පිස්තෝලය සහ ජීව උණ්ඩ සුදු පැහැති උරයක බහා සඟවා තිබියදී සොයාගත් බවයි ඉංගිරිය පොලීසිය පැවසුවේ.

එම කාන්තාව මෙම ගිනි අවිය සහ ජීව උණ්ඩ සඟවා තබාගෙන සිටියේ කුමකටදැයි යන්න මෙතෙක් හෙළි වී නොමැත.

ඉංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. 

ReeCha