අතපය හතර ගැටගසා කාන්තාවක් මහමඟ දමා යයි..දියණියත් පැහැරගනී.
අම්පාර – දමන – චීන වත්ත කොංගස්හන්දිය ප්‍රදේශයේ මාර්ගයක අත්පා ගැටගසා කාන්තාවක් දමා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය මස 27 වනදා සිය දියණිය පැහැරගෙන ගිය බවට ඇයගේ මව වෙන්නපුව – කඳානගෙදර පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබුණා.
ඊයේ අලුයම ඇය මෙසේ මාර්ගයේ දමා ගොස් තිබූ අතර මේ වනවිට එම කාන්තාව අම්පාර මුලික රෝහලට ඇතුළත් කර සිටිනවා.
මේ අතර වව්නියාව කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ-9 මාර්ගයේ (08) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට පොලීසිය පැවසීය.
යාපනය මහනුවර මාර්ගයේ වව්නියාව සිට මාන්කුලම් දෙසට ධාවනය වූ කැබ් රථයක් සහ මාන්කුලම් දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට තොරතුරු අනාවරනය වී ඇත.
එහිදී කැබ් රථයේ ගමන්ගත් රියදුරු ඇතුලු තවත් අයෙකු රෝහලගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති අතර ටිපර් රථයේ සිටි දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගතකරනු ලැබිය.
අනතුර හේතුවෙන් කැබ් රථයට දැඩි හානි සිදුව ඇති අතර අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති බවටත් අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදුකරන බවටද කනගරායන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |