මාතලෙන් ඇහෙන ඛේදනීය සිදුවීම ..

By Piyumika Nov 13, 2024 01:59 AM GMT
Report

මාතලේ, විහාරපාර ප්‍රදේශයේ නිවසක ඊයේ(12) පෙරවරුවේදී ආහාර පිසිමින් සිටි කාන්තාවක් භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිළි මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ එම කාන්තාව උදෑසන කාලයේදී ආහාර පිසින අවස්ථාවේදී භුමිතෙල් ලිප පෙරළිමෙන් ගිනි ඇවිලි ඇති බවයි.

කව්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පත් කල නව උපදේශක පුහුණුකරු..

කව්ද මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පත් කල නව උපදේශක පුහුණුකරු..

එහිදී ඇයව මාතලේ රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රී කාලයේදී ඇය මිය ගොස් තිබෙනවා.

මිය ගිය කාන්තාව වයස අවුරුදු 34 ක් වූ විහාරපාර,මාතලේ ප්‍රදේශයේ පදිංචි කාරියකි.

සිද්ධිය සම්බන්දව වැඩිදුර විමර්ශන සිදු කෙරේ.