රිලා රංචුවක් කාන්තාවක් අවසන් ගමන් යවයි..! (VIDEO)
By Sewvandhi
ගලේවෙල ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක් සියඹලා ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ කාන්තාව පදිංචිව සිටි නිවසට ඊයේ (19) සවස රිලා රංචුවක් පැමිණ ඇති අතර, උන් එලවීම සඳහා අදාළ කාන්තාව නිවසට පිටුපසට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී එම කාන්තාව නිවස පිටුපස ඇති සියඹලා ගසක් යටට ගිය අවස්ථාවේ දී සියඹලා ගසේ සිටි රිලවුන් එහි අත්තක් සෙලවීමත් සමඟ එය ගස යට සිටි කාන්තාවගේ හිසමතට කඩාවැටී තිබෙනවා.
සියඹලා අත්ත හිස මතට කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාව ගලේවෙල දිසා රෝහලට රැගෙන යාමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |