මෝටර් රථයක ගැටී කාන්තාවක් ජීවිතක්‍ෂයට.
Police spokesman
Sri Lanka
Accident
Death
By Hashini
පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි කාන්තාවක් මෝටර් රථයක ගැටී ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
එම අනතුර සිදුව තිබෙන්නේ කැස්බෑව - හොරණ මාර්ගයේ හල්පිට ප්‍රදේශයේ දීය.
මෙම අනතුරට ඇය ලක් වී ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී වී සිටි සිය දියණිය රැගෙන එමින් සිටියදී බවයි පොලිසිය සඳහන් කළේ.
මියගොස් ඇත්තේ 38 හැවිරිදි පොල්ගස්ඕවිට ප්‍රදේශයේ කාන්තාවකි.
ඇයගේ දියණිය ද සිද්ධියෙන් තුවාල ලබා වෑතර රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනතුරෙන් පසු මෝටර් රථයේ රියදුරු පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කැස්බෑව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
