යතුරුපැදියේ කතක් නංවාගෙන කැලෑවට රැගෙන ගිය පොලිස් සැරයන් මාට්ටු වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Hambantota
By Aruna Jul 30, 2023 03:16 AM GMT
Aruna

Aruna

Report

කාන්තාවක් අපයෝජනයට ලක් කළ පොලිස් සැරයන්වරයෙකු මිද්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, කටුවන පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් වරයෙක් බවයි පැවසෙන්නේ.

මිද්දෙණිය පොලීසිය පවසන්නේ, අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේ පැවැති සංගීත ප්‍රසංගයකට විශේෂ රාජකාරි යොදවා සිටි මෙම පොලිස් සැරයන්වරයා 58 හැවිරිදි කාන්තාවක් යතුරුපැදියේ නංවාගෙන කැලෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් දූෂණයට ලක් කර ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ReeCha