" අනේ මට හොඳටම අමාරුයි...කලන්තේ වගේ.." වෙළඳසැලේ පෝලිමේ නාටකයක් රඟ පෑ කාන්තාව ට අපූරු පාඩමක්..
රජයට අයත් පොදු වෙළෙඳසලකින් හාල් පරිප්පු ඇතුළු භාණ්ඩ කීපයක් මිලදී ගැනීම් සඳහා පෝලිමේ නොසිට ඉක්මනින් නිවෙසට යෑම සඳහා උප්පරවැට්ටියක් යෙදූ කාන්තාවකට රෝහල්ගතවී ප්‍රතිකාර ලබන්නට සිදු වූ බව කියැවෙන පුවක් වාර්තා වෙනවා.
ඇය, කොහේ ගියත් කුමක් හෝ සටකපටකමක් සිදුකර තම කාර්යය ඉක්මනින් ඉටුකර ගන්නට නම් දැරූ තැනැත්තියකි.
පසුගිය දිනක ඇය නිවෙසට අවශ්‍ය භාණ්ඩ ටිකක් මිලදී ගන්නට රජයට අයත් වෙළෙඳසලකට යාමට නිවෙසින් පිටවූයේ එහි භාණ්ඩ මිල තරමක් අඩු බව දන්නා නිසාවෙනි.
එහෙත් ඇයගේ මුහුණ බෙරිවී ගියේ වෙළෙඳසලේ එදින තිබූ දිගු පෝලිම් දකිද්දීය.
සෑහෙන වේලාවක් පෝලිමේ රැඳී සිටි ඇගේ ඉවසීමේ සීමාව ඉක්ම ගියේ තමන්ට ඉදිරියෙන් තවත් විශාල පිරිසක් පෝලිමේ රැඳී සිටිනු දකිද්දීය.
කෙසේ හෝ භාණ්ඩ ටික රැගෙන ඉක්මනින්ම නිවෙසට යෑමට ඉටාගත් ඇය සුපුරුදු පරිදි සිය ගණ දෙවි නුවණ මෙහෙය වූයේ ‘‘අම්මා මට කලන්තේ වගේ’’ යැයි පවසමින් අසල වූ බිත්තියකට හේත්තු වෙමිනි.
ඇගේ හැටි දන්නා පෝලිමේ සිටි බොහෝ දෙනකු ඇගේ උප්පරවැට්ටියට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූවද ඇයට හොඳ වැඩක් කළ යුතුයැයි යෝජනා කළ වෙළෙඳසලේ සේවකයන් ඇය බලහත්කාරයෙන්ම වත්තම් කරගෙන ගොස් ත්‍රිරෝද රථයක නංවා ඇය නගරයේ රෝහල වෙත පිටත්කර හැරියේ ‘‘අක්කාට මොනව හරි වුණොත් වග කියන්න ඕනෑ අපිනේ’’ යැයි ඇයට පවසමිනි.
කිසිදු රෝගී තත්ත්වයක් නොවූවද අවසානයේ දී ත්‍රිරෝද රථයට ද අමතර මුදලක් ගෙවා රෝහලේ ද පැය කීපයක් ගත කර භාණ්ඩ රැගෙන ඇය නිවෙසට යනවිට රෑ වීමටද ආසන්නව තිබිණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |