වල් ඌරු දඩයමේ ගිය මස් වැද්දා නිදි මරගාතයෙන් ම මරු තුරුලට...

By Parami Dissanayake May 22, 2024 01:27 PM GMT
Report

ලග්ගල කැලෑවකට රාත්‍රි කාලයේ වල් ඌරන් දඩයම් කිරීම සඳහා ගිය දඩයක්කරුවකු නිදා සිටි ගල් තලාවෙන් ඇද වැටී මරුමුවට පත්ව තිබෙනවා.

ඒ, ලග්ගල හත්තොට අමුණ ප්‍රදේශයේ පදිංචිව සිටි ජයසිංහ බණ්ඩා නමති පුද්ගලයකු බව ලග්ගල පොලිසිය සඳහන් කරයි.

පොලිසියෙන් ගැළවෙන්න උඩුමහලින් පැන දිවි ගමනට සමු දුන් සුරූපිණිය...

පොලිසියෙන් ගැළවෙන්න උඩුමහලින් පැන දිවි ගමනට සමු දුන් සුරූපිණිය...

ඔහු තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සමගින් වැලිවරානාගොල්ල රක්ෂිතයට ගොස් ඇති අතර පසුව මොවුන් සිව් දෙනා ම මත්පැන් පානය කර සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා ගල් තලාවකට ගොඩවී ඇති අතර, පසුව ගල් තලාවේ වැතිරී නින්දට ගිය මොහු එයින් ඇද වැටී මෙසේ මරණයට පත්ව තිබෙනවා.

සැකකරුවන් සිව් දෙනෙකු බෝර 12 ගිනි අවියක්ද සමගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබුණි.