පොලිසියෙන් ගැළවෙන්න උඩුමහලින් පැන දිවි ගමනට සමු දුන් සුරූපිණිය...

By Parami Dissanayake May 22, 2024 12:37 PM GMT
Report

හෝමාගම හිරිපිටිය බෝගහවිල පාරේ දෙමහල් නිවසක ඉහළ මහලෙන් බිමට පැනීමේ දී ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරක් උදරයේ ඇනී බරපතළ තුවාල ලැබූ තරුණියක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 19 වනදා රාත්‍රීයේ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ පාදුක්ක පදිංචි, දිමානි හිමංසා නම් 21 හැවිරිදි තරුණියකි.

පොලිසියෙන් ගැළවෙන්න උඩුමහලින් පැන දිවි ගමනට සමු දුන් සුරූපිණිය... | The Girl Who Jumped From The Loft

අදාළ තරුණිය නිවසේ පුද්ගලයින් දෙදෙනෙකු සමග මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට එහි සිටි එක් පුද්ගලයකුගේ බිරිඳක් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව සමඟ නිවස පරීක්ෂා කිරීමට යන අවස්ථාවේ දී නිවස ඉදිරිපිටට ආ පොලිසිය දැක කලබල වූ තරුණිය ඉහළ මහලේ සිට පොලිසිය පැමිණීමට පෙර බිමට පැන පළායාමට උත්සාහ දරා ඇති බව පරීක්ෂණයේ දී අනාවරණය වුණා .

මෙම නිවසේ තාප්පයේ සොරුන්ගෙන් ආරක්ෂාවීම සඳහා උල් සහිත යකඩ වැටක් සවිකර තිබූ අතර ආරක්ෂිත තාප්පයේ සවිකර තිබූ යකඩ කූරුවල උදරය ඇනී බරපතළ තුවාල සිදුවී ඇය මරණයට පත්වූ බව වාර්තා වී තිබෙනවා .

එසේම, එම ස්ථානයට පොලිසිය යන අවස්ථාව වන විටත් තරුණිය කම්බි කූරුවල එල්ලී සිට ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් 1990 සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා අධික ලෙස රුධිරය වහනය වෙමින් බරපතළ තුවාල ලබා සිටි ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලස මියගොස් තිබුණා.

තොරණක් කඩා වැටී මරදගහමුල දෙදෙනෙක් රෝහලේ...

තොරණක් කඩා වැටී මරදගහමුල දෙදෙනෙක් රෝහලේ...

ඒ අනුව, සිද්ධිය වූ අවස්ථාවේ රැඳී සිටි පැමිණිලිකාර කාන්තාවගේ සැමියා සහ ඔහුගේ මිතුරා අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමේදී එක් අයකු අයිස් මත්ද්‍රව්‍ය ද අනෙත් පුද්ගලයා ගංජා පානය කර ඇති බවට තහවුරු වී තිබුන අතර .අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වුණා.