කඩෙන් ගන්න වතුර බෝතල් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් - පාසල් සිසුන් ගැනත් දැනුම්දීමක්.
වෙළෙඳසැල්වලින් මිල දී ගන්නා පානීය ජල බෝතල් පරිහරණය සම්බන්ධයෙන් රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය ජී.විජේසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ එලෙස මිල දී ගන්නා ජල බෝතල් නැවත නැවත පුරවා භාවිතා කිරීම සුදුසු නොවන බවයි.
ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, එම බෝතල් දැඩි හිරු එළියට නිරාවරණය වීම තුළ යම් යම් රසායනික ද්‍රව්‍ය ජලයට එක්වීමේ හැකියාවක් ඇති බවයි.
මේ සඳහා නිෂ්පාදනය කරන ලද ප්‍රමිතිය ලබාදුන් විශේෂිත බෝතල් වර්ග භාවිත කළ හැකි අතර වීදුරු බෝතලයක් හෝ වෙනත් ඝන බෝතලයක් භාවිත කිරීම ඉතාම සුදුසු වේ.
එහිදී එවැනි ජල භාජන හිරු රශ්මියට නිරාවරණය නොවන පරිදි ඒවා ආවරණය කිරිම හෝ හිරු එළිය නොවැටෙන පරිදි එම ජල බෝතල් තබා ගැනීම ද සුදුසු වන බව ඔහු පැවසීය.
එමෙන්ම පාසල් දරුවන්ට හැකිතාක් නිවසින් පානිය ජලය රැගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස ද වෛද්‍යවරයා ඉල්ලීමක් සිදු කළේ ය.
