ඩෙංගු වසංගතයක් ගැන අනතුරු ඇඟවීමක්.
World Health Organization
World
By Hashini
ගෝලීය ඩෙංගු වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එම සංවිධානය පවසන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශය, දකුණු යුරෝපය සහා අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ඩෙංගු උණ නවතම තර්ජනයක් වී ඇති බවයි.
එසේම ඩෙංගු උණ ආසියාවේ හා ලතින් අමරිකාවේ බොහෝ ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවල වසංගතයක් වී ඇති අතර විසි දහසක් පමණ වාර්ෂිකව මියයන බවට වාර්තා වනවා.
2000 වසරේ සිට මේ දක්වා ඩෙංගු රෝගය ගෝලීයව අට ගුණයකින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
ජගත් සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ඊට හේතුව කාළගුණ විපර්යාස සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බවයි.
ලොව පුරා ඩෙංගු රෝගීන් මිලියන 4.2ක් 2022 වසරේ පමණක් ලොව පුරා වාර්තා වී තිබෙනවා.
මේ වසරේ වාර්තාගත ඩෙංගු ව්‍යාප්තියක් සිදු විය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
