දළදා ප්‍රදර්ශනයට දියවඩන නිලමේලගෙන් VIP පෝලිමක් - මාලිමා මන්ත්‍රී සුරවිර කියයි
Sri Lanka Politician
Sinhala news
Temple of tooth
By Hashini
ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී දේවානන්ද සුරවීර මහතා සඳහන් කරන්නේ දළදා ප්‍රදර්ශනය සඳහා දියවඩන නිලමේලා වෙනම පෝලිමක් සාදා ඇතුළු කරමින් සිටින බවයි.
මේ හරහා ආණ්ඩුව අපහසුතාවයට පත්වෙමින් ඇති බවද ඔහු පෙන්වා දෙනවා.
ජාතික ජනබලවේග මැති ඇමතුරුන් සදහා ප්‍රභූ පෝලිම් කිසිවක් නැති බවද පවසන ඔහු නමුත් ප්‍රභූ පෝලිම් ඇති බවට සමාජ මාධ්‍යවලින් පින්තූර වීඩියෝ හුවමාරුවෙන නිසා ආණ්ඩුව අපහසුතාවට පත්වන බවද කියා සිටියි.
ඇතැම් තැන්වල තවමත් පරණ අප්පුහාමිලා සිටින බවටද ඔහු චෝදනා කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ජාතික ජන බලවේගයේ පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමින්
