සුරූපී තරුණ මන්ත්‍රීවරියකගේ අසැබි වීඩියෝවක් ලීක්වෙයි..අන්තර්ජාලය පුරා පැතිර යයි..

Political Gossips Pakisthan a-video-of-an-mp-is-leaked
By Aruna Dec 06, 2021 09:34 AM GMT
Aruna

Aruna

Report
509 Shares

 මේ දින වල අන්තර්ජාලය පුරා පැතිර යන තරුණ පළාත් සභා මන්ත්‍රීවරියක් වන “සානියා ආෂික් බස් යසු” සම්බන්ධ අන්තර්ජාල ප්‍රචාරණයක් හේතුවෙන් ඇය දැඩිසේ අපහසුතාවයට ලක්ව තිබේ.

පකිස්ථානයේ පන්ජාබ් පළාතේ තක්ෂිලා සභා බල ප්‍රදේශයේ මන්ත්‍රීවරියක් වන ඇගේ අසැබි වීඩියෝවක් එරට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ.

මෙම වීඩියෝව පිළිබඳව සානියා ඔක්තෝබර් මස 26 වැනිදා රජයට සහ මධ්‍යම විමර්ශන ඒජන්සියට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

දීර්ඝ විමර්ශනයකින් පසු වීඩියෝ පටය අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

කෙසේ වුවද වීඩියෝව අසත්‍ය එකක් යයි පොලිසිය පවසා නැත.

මන්ත්‍රීවරිය මේ පිළිබඳව ඉම්රාන් ඛාන්ගේ මමධ්‍යම රජයට ද පැමිණිලි කළ තිබූ නිසා මේ ගැන පුවත් ඇවිස්සී තිබේ.

පන්ජාබ් පොලිසිය විමර්ශනය ආරම්භ කළේ පැමිණිල්ල සිදු කර දින ගණනාවකට පසුව වන අතර ඒ කාලය තුළ මෙහි පිටපත් අන්තර්ජාලයේ බොහෝ සේ පැතිරී තිබේ.

සානියා ආෂික් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් සාමාජිකාවකි.

“පාකිස්තාන් ටුඩේ” පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් සානියා පවසා තිබෙන්නේ “මගේ වීඩියෝව සමාජ මාධ්යේවල වෛරසයක් ලෙස පැතිර තිබෙනවා.

මීට අමතරව මගේ සමහර පින්තූර සමාජ මාධ්යා වේදිකාවල වෛරස් වී තිබෙනවා.

මට තර්ජනාත්මක දුරකථන ඇමතුම් එනවා” යනුවෙනි.

ඇය පන්ජාබ් පළාතේ තක්ෂිලා සභා බල ප්‍රදේශයේ පළාත් මන්ත්‍රීවරියකි.

හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ දියණිය වන මරියම් නවාස්ට ඉතා සමීප කාන්තාවක වන බවද වාර්තාවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now