එන්නතක් තවත් තරුණ ජීවිතයක් බිලිගනී?

Sri Lanka Ministry of Health Sri Lanka Government Of Sri Lanka
By Wayomi Sep 18, 2023 08:33 AM GMT
Wayomi

Wayomi

Report

එන්නතක් ආසාත්මික වීමෙන් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් ඇත්තේ, ගාල්ල - තවලම, හල්විටිගල ප්‍රදේශයේ කසුන් දිලාර නමැති ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුවෙක්.

අක්මාවේ හටගත් පිළිකා තත්ත්වයක් හේතුවෙන් ඔහු මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා ද ප්‍රතිකාර සඳහා ඔහු අපේක්ෂා රෝහල වෙත සිය ප්‍රතිකාර සදහා තනිවම ගොස් ඇත.

පසුව එහිදී ඔහුට එන්නතක් ලබාදී ඇති අතර එම එන්නත ලබාගැනීමෙන් විනාඩි 10 ක පමණ කාලයක් තුළ මතු වූ සංකූලතා හේතුවෙන් දරුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි ඔහුගේ දෙමාපියන් සහ ඥාතීන් චෝදනා කරන්නේ.    

ReeCha