කැලණියේ සරසවි සිසුවෙක් හදිසි අසනීපයකින් මියයයි. - තවත් පිරිසක් පරිපාලන ගොඩනැගිල්ල වටකරයි. - (VIDEO)
By Wayomi
කැලණිය විශ්විවිද්‍යාලයේ සිසුන් පිරිසක් අද(25) එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (24) රාත්‍රි ඇතිවු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදුවීමක් මුල් කරගනිමින්.
කෙසේවෙතත් අදාළ සිසුවා රෝහලට ඇතුළත් කිරීම සඳහා අවශ්‍ය ගිලන්රථ පහසුකම හෝ වෙනත් වාහනයක් විශ්වවිද්‍යාලය තුළ නොතිබීම හේතුවෙන් ඔහු රෝහල්ගත වීම ප්‍රමාද වු බවටයි මෙහිදී විශ්වවිද්‍යාල සිසුන් චෝදනා කරන්නේ.
ඒ අනුව මේ වන විට සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.