ඉන්දීය රුපියලෙන් මෙරට සාර්ථක වෙළඳ ගණුදෙනුවක්.

Sri Lanka India
By Wayomi Mar 04, 2023 10:43 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉන්දියානු රුපියල් මුදල් ඒකකයෙන් සාර්ථක වෙළඳ ගණුදෙනුවක් සිදු වූ බව ඉන්දීය රාජ්‍ය බැංකුවේ ශ්‍රී ලංකා ප්‍රධානි රවින්ද්‍ර කුමාර් ජා මහතා සඳහන් කරනවා.

ඔහු මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැති වැඩසටහනකදියි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ශ්‍රී ලංකාවේ ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් මුදල් ඒකකයෙන් ආනයනය සඳහා මුදල් ගෙවූ බවත් එම මුදල් සාර්ථකව ඉන්දියානු රුපියල් මුදල් ඒකකයට හුවමාරු වී ඉන්දීය අපනයනකරුවන්ට ලැබුණු බවයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භාග්ලේ, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ඇතුළුව සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වී සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW