දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම්දීමක්..හේතුව මෙන්න..
Sri Lanka Railways
Train Strike
Department of Railways
Railways
By Aruna
මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වනවා.
මාලිගාවත්ත දුම්රිය අංගනයේ උප නියාමකවරයෙකුට දුම්රිය ආරක්ෂක අංශයේ පිරිසක් පහරදීම හේතුවෙන් මෙම විරෝධතාවයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රි ලංකා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සභාපති එන්.එස්.කේ.තිලකරත්න මහතා පවසන්නේ ,මේ නිසා එම අංගනයෙන් ගමන් ආරම්භ කරන දුම්රියන්හි ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි .
