හෙට තරගය ගැන ඕස්ට්‍රේලියානු නායකයාගෙන් සැර කතාවක්.......
2023 ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගය හෙට (19) පැවැත්වීමට නියමිත ව තිබිය දී විශාල ජනකායක් නිහඬ වෙනවා ඇසීමට වඩා තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක පැට් කමින්ස් පවසනවා.
විශාල සෙනඟක් ඉදිරියේ ක්‍රීඩා කිරීම ඔස්ට්‍රේලියානු කණ්ඩායමට නුහුරු දෙයක් හෝ අපහසු දෙයක් නොවන බව ද ඔහු සඳහන් කරනවා.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම යනු, ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසු වන බව ද පැට් කමින්ස් පවසා තිබෙනවා.
අවසන් මහා තරගය පැවැත්වෙන අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට ලක්ෂයකටත් වඩා අධික ප්‍රේක්ෂක පිරිසක් සහභාගි වීමට නියමිතය.
හෙට දිනයේ අප ගේ අරමුණඑම විශාල සෙනඟ නිෂ්ශබ්ධව සිටින බව ඇසීම තරම් තෘප්තිමත් දෙයක් නැති බව ඔස්ට්‍රේලියානු නායකයා පැට් කමින්ස් සඳහන් කරයි.