හෙට ලෝක කුසලානයට එන ලෝක ප්‍රසිද්ධ ගායිකාව කවුද ?
හෙට (19) දිනයේ අති උත්කර්ෂවත්ව ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාවේ දී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් වෙමින් පවතින අතර මීට සමගාමීව ගුවන් සංදර්ශනයක් ද සංගීත ප්‍රසංගයක් ද පැවැත්වෙනවා.
මේ සඳහා හොලිවුඩ් පොප් නිරූපිකාවක් වන දුවා ලීපා විසින් ගීත කිහිපයක් ගායනා කිරීමට සුදානම් බවයි වාර්තා වන්නේ.
ඇය යුරෝ කුසලාන පාපන්දු ලීගය ඇතුළු තවත් තරඟ කිහිපයක් සඳහා ඇය ගීත ගායනා කර ඇති අතර, ඇය ඒ සඳහා අය කරන මුදල මිල අධික බව සඳහන් වෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඉන්දියාවේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟය සඳහා ඉන්දීය රුපියල් කෝටි 05 ක මුදලක් අය කරන බවයි.
ඇයගේ ගීත අතරින් නවනම ගීතය වන ' Houdini ' ගීතය අතිශය ජනප්‍රිය වී තිබෙනවා.