නිදැල්ලේ සැරිසරන කොටියෙක් නිසා ගම්මානයක් බියෙන් තැති ගනී.
Sri Lanka
By krishani
මස්කෙළිය - බ්‍රන්ස්වික් තේ වතුයායේ කඳුකර කොටියෙකු නිදැල්ලේ සැරිසරන බව වාර්තා වේ.
ඒ හේතුවෙන් වතුයායේ කම්කරුවන් දැඩි භීතියකින් පසු වෙයි.
මෙම වතුයායේ වතු කම්කරු නිවාසවල ඇති කරන සුනඛයින් හා එළුවන් වරින්වර අතුරුදන් වී ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ ය.
එම ජනතාව කියා සිටියේ රාත්‍රියේ දී මස්කෙළිය - සාමිමලේ ප්‍රධාන මාර්ගයේ බ්‍රන්ස්විත් තේ වතුයාය ප්‍රදේශයේ දී කීප වරක් මාර්ගය මාරුවන විශාල කඳුකර කොටියෙකු දැක ඇති බවයි.
කෙසේ වෙතත්, එම තේ වතුයාය මධ්‍යයේ පිහිටි ලඳු කැළෑ සහිත ස්ථානවල මෙම කඳුකර කොටියා දිවා කාලයේ ලැඟුම් ගෙන සිටින බවට ප්‍රදේශවාසීන් සැක කරයි.
