ඇමෙරිකාවේදී ඔටුන්න හිමි තෙවැනි චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක් ..
United States of America
Royal Family
King Charles III
World
By Piyumika
ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කිරීමක් පිළිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි .
ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි.කෙසේ වෙතත් ආරක්ෂාවට තර්ජනයක් වූයේ කෙසේදැයි යන්න තවමත් පැහැදිලි නැත.
උත්සවයට සහභාගීව සතුටු සාමීචියේ සිටි චාල්ස් රජු සහ කැමිලා රැජින ළඟට ආ ඔවුන්ගේ රාජකීය කණ්ඩායමේ සාමාජිකයකු දෙදෙනාට යමක් පැවැසූ බවත්, ඉන්පසු ආරක්ෂක නිලධාරීන් ඔවුන් කලබලයකින් තොරව, නමුත් ලහිලහියේ එම උත්සවයෙන් ඉවත් කළ බවත් විදෙස් මාධ්‍ය පවසා සිටියේය .
ආරක්ෂක නිලධාරීන් පැමිණ රාජකීය යුවළ රැගෙන ගියේ අසල පිහිටි ‘පොම් දෙ ඕර්’ නමැති හෝටලයටය.
