අරලියගහ මන්දිරයේදී හිස් උණ්ඩ සමග අත්අඩංගුවට ගත් පාසල් ක්‍රීඩා තරග විනිසුරුවරියට සිදුවූ දේ..

Report

අත්බෑගයේ තිබී හිස් උණ්ඩ 3 ක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් ක්‍රීඩා තරග විනිසුරුවරිය ඇප මත මුදා හැර ඇත.

එනම් ඇය අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට පැමිණි අවස්ථාවේ අරලියගහ මන්දිරයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක් විසින් මෙම හිස් උණ්ඩ සොයා ගත්තා.

26 හැවිරිදි වියේ පසුවන සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනවලදී හෙළිව ඇත්තේ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති ක්‍රීඩා උත්සවයක තරග තීරකවරිය ලෙස කටයුතු කළ අවස්ථාවේ තරග ආරම්භ කිරීමට සංඥා ලබාදීම සඳහා භාවිත කළ උණ්ඩ වල කොපු ඇය සිය අත්බෑගයේ දමාගෙන සිට ඇති බවටයි.