ප්‍රධාන පාසලක ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙක් 16 හැවිරිදි දැරියකට කළ දේ විදුහල්පතිට මාට්ටු වෙයි..

Sri Lanka Police Hambantota Prisons in Sri Lanka Education
By Aruna Oct 12, 2023 05:07 AM GMT
Aruna

Aruna

Report

දහසය හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කළ ජනප්‍රිය පාසලක සේවය කළ ගුරුවරයකු තිස්සමහරාම පොලිසියෙහි ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

තිස්සමහරාම ප්‍රදේශයට නුදුරු පාසලකට මීට දින කිහිපයකට පෙර ස්ථාන මාරුවී පැමිණි හතළිස් දෙහැවිරිදි ගුරුවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.

අදාළ පුද්ගලයා උපකාර පන්ති පවත්වන ප්‍රසිද්ධ ගුරුවරයෙක් බව ද වාර්තා වේ.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙන්නේ, ඔහු මීට පෙර ද එකළොස්වන වසරේ ඉගෙනුම ලබන දැරියක් ද මෙසේ අපයෝජනයට ලක්කර ඇති බවයි.

තමන්ට සිදු වූ අතවරය සම්බන්ධයෙන් එම පාසලේ විදුහල්පතිවරයාට දැරිය විසින්ම ලිඛිතව දැනුම් දීමෙන් පසු තිස්සමහරාම පොලිස් ස්ථානයෙහි ළමා හා කාන්තා කාර්යාංශයෙහි නිලධාරීන් අදාල සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල් ගතකර ඇති අතර සැකකරු තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ReeCha