ඔබත් සැලකිලිමත්වන්න - වගා නොකළ ඉඩම් සඳහා බද්දක්

Report

සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ, වගා නොකළ ඉඩම් සඳහා මෙවර අය වැයෙන් බද්දක් පැනවීමට තීරණය කර තිබෙන බවයි.

එම බද්දෙන් උපයා ගන්නා මුදල් සමෘද්ධි පවුල්වල වගා කටයුතු දියුණු කරන්නට යොදා ගන්නැයි තමන් යෝජනා කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රාජ්‍ය මෙන්ම පෞද්ගලික ඉඩම් නොයෙක් හේතු මත වගා නොකර අතහැර දමා ඇති බවත් රාජ්‍ය වැවිලි සංස්ථාවේ ද වගා නොකළ ඉඩම් අක්කර සිය ගණනක් තිබෙන බවත් ඔහු පැවසීය.