අඟුරුවාතොට ප්‍රදේශයේ සැකකටයුතු මරණයක්....
Police spokesman
Sri Lanka
Crime
Death
By Hashini
අඟුරුවාතොට, වෙනිවැල්පිටිය ප්‍රදේශයේ කුඹුරු යායක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
අඟුරුවාතොට පොලීසියට කුඹුරු යායක නියරක් මත ලේ ගලන තුවාල සහිතව වැටී පුද්ගලයෙකු මියගොස් සිටින බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මියගොස් ඇත්තේ 40 හැවිරිදි වෙනිවැල්පිටිය, හල්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.
පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මෘත ශරීරය හොරණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
අඟුරුවාතොට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
...............................
