චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් බලපත්‍රවල වර්ධනයක්...

By Parami Dissanayake Jul 31, 2024 01:22 PM GMT
Report

චීනයේ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර හිමිකාරීත්වයේ කැපී පෙනෙන වර්ධනයක් පවතින බව වාර්තා වේ.

චීන ජාතික බුද්ධිමය දේපල පරිපාලනය සඳහන් කරන්නේ, චීනය පසුගිය වසර වන විට තුන්ලක්ෂ හැත්තෑ අට දහසක් පමණ කෘත්‍රිම බුද්ධි නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර වලටහිමිකම් කියන බවයි.

මෙම ප්‍රමාණය ඊට පෙර වසර හා සැසඳීමේ දී සියයට 40කට අධික ප්‍රමාණයක වර්ධනයක් බව ද වාර්තා වේ.

එමෙන් ම, චීනයේ මෙම හිමිකම් අනුපාතය ගෝලීය සාමාන්‍ය ප්‍රමාණයට වඩා 1.4ක ඉහළ ගුණයක් බවද එම පරිපාලනය පෙන්වා දෙයි.

පසුගිය වසරේ චීන ඩිජිටල් ආර්ථිකයේ ප්‍රධාන කර්මාන්ත මගින් දළ දේශීය නිශ්පාදනයට ලැබුණු දායකත්වය සියයට 10ක් වන බවයි.

කෘත්‍රිම බුද්ධි කර්මාන්තය චීන ඩිජිටල් ආර්ථිකයේ නව නිපැයුම් ඉහළ නැංවීමට තුඩු දී ඇත.