ඉන්දීය ජනප්‍රිය නළුවෙකු වන සාහිල් ඛාන්ව එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔට්ටු ඇල්ලීමේ යෙදවුමක් හරහා මූල්‍ය වංචා සිදුකිරීමට අදාළ චෝදනාවකට බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, "මහාදේව්" නමැති අදාළ ඔට්ටු ඇල්ලීමේ යෙදවුම ප්‍රවර්ධනය සඳහා ද ඔහු පෙනී සිට ඇති බවයි.
සැකකරු මුම්බායි සිට පළාගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් පැය 40ක මෙහෙයුමකින් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.