එස් .අයි. පෑලියගොඩ අන්තර් හුවමාරුවේදී වෙඩි වැදී මියයයි.
By Wayomi
උප පොලිස් පරීක්ෂකවරයෙකුට සිය රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි වැදී මියගොස් තිබෙනවා.
ඒ, කොළඹ පිටත වටරවුම් මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළ දීයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ උපපොලිස් පරීක්ෂක රුවන් කුමාර නැමැති 54 අයෙකි.
ඊයේ 5 රාත්‍රී රාජකාරි සිදු කර අද අලුයම පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තුළට සේවය නිම වීම සඳහා සටහන් දැමීමට පැමිණි අවස්ථාවේදී මෙම වෙඩි වැදීම සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙය දිවිනසා ගැනීමක්ද? නැද්ද? යන්න පිළිබද පරීක්ෂණ පවත්වන බව පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ.