චීනයෙන් ප්‍රබල අනතුරු ඇඟවීමක්
By Hashini
චීන වාණිජ අමාත්‍යංශය පවසන්නේ අමෙරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට කිසියම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එවැනි වාතාවරණයක් ඇති වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි ප්‍රති-පියවර ගන්නා බවට චීන වාණිජ අමාත්‍යංශය ප්‍රකාශ කර ඇති බවටයි.
චීනය පෙන්වා දෙන්නේ පසුගිය අප්‍රේල් මාසයේ සිට අමෙරිකාව සිය වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව “අන්‍යෝන්‍ය තීරුබදු” පනවමින් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ගත් අතර මෙය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට බරපතල හානියක් වන බවත් එය ජාත්‍යන්තර වෙළඳාමේ සාමාන්‍ය තත්ත්වය කඩාකප්පල් කිරීමක් බවටයි.