ඉන්දියාවම හොල්ලමින් සති දෙකක් ඇතුළත තවත් ප්‍රබල භූ කම්පනයක්.
India
Earthquake
By Wayomi
දිල්ලි, උත්තර් ප්‍රදේශ්, හර්යානා, පන්ජාබ්, ජම්මු, කාශ්මීර් යන ප්‍රදේශවලට අද රිච්ටර් මාපකයේ 5.8 ක භූමිකම්පා ඇතිව තිබෙනවා.
ඒ අනුව, උතුරු ඉන්දියාව, පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ ඇතැම් ප්‍රදේශවලට මෙසේ භූමිකම්පා තත්ත්වයක් ඇතිව ඇති බවයි වාර්තා වන්නේ.
රිච්ටර් මාපක 5.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද පස්වරු 12:58ට පාකිස්ථානයට බලපා ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කරනවා.
කෙසේ වෙතත් මේ වනතෙක් කිසිඳු අලාභ හානියක් වාර්තා වී නොමැති අතර සති දෙකක කාලයක් ඇතුළත දිල්ලි සහ ඒ අවට ප්‍රදේශවල භූ කම්පන තත්ත්වයක් ඇති වූ දෙවන අවස්ථාව මෙයයි .