ජලනි ප්‍රේමදාසට හමුදා උත්තමාචාර ලැබෙද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.එල්. සද්ද නැතුව පසුපසින් ආ හැටි. - (VIDEO)
සමගි ජන බලවේග ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස ට හමුදා ආචාර ලබාදෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරණය වෙනවා.
මෙහි දැක්වෙන්නේ කිසියම් උත්සව අවස්ථාවක් සඳහා පැමිණි ඇය පිළිගැනීම සඳහා මාර්ගය දෙපස සිටින හමුදා නිලධාරීන් ආචාර දක්වමින් ඇය පිළිගන්නා ආකාරයයි.

මාලිමාවේ රාජ්‍ය සේවකයන් වැඩේ දෙල් කරගනී ඉවරයක් නෑ. - මාලිමාවට ඡන්දය දෙන්නැයි පොලිස් සැරයන්වරයෙක් තර්ජනය කරයි.
එම අවස්ථාව ඇයට පසුපසින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් ද ගමන් කරනු දක්නට ලැබෙනවා.
නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පැහැදිලි කිරීමක් කරමින් සඳහන් කරන්නේ අදාළ වීඩියෝ පටයේ දක්නට ලැබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ජී.එල්. පීරිස් ට ගුවන් හමුදාව විසින් පිරිනමන සාම්ප්‍රදායික පිළිගැනීමක් බවයි.
