ඇස් අදහාගත නොහැකි ආරංචියක්. - ආයතන ලබන ලාබයෙන් කොටසක් සේවකයන්ටත් දෙන්නයි යන්නේ. - ඒක වන්නේ මෙහෙමයි.
ඉදිරියේදී පිහිටුවන ජාතික ජන බලවේග රජය මෙරට ආයතන දියුණු කිරීම සඳහා සහාය දෙන බවත් නමුත් ආයතන ලබාගන්නා ලාභයෙන් සාධාරණ පංගුවක් එහි වැඩ කරන සේවක සේවිකාවන්ට ලබා දීමට කටයුතු කරන බවත් ධුර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති අන්තර් සමාගම් සේවක සංගමයේ සමුළුව අමතමින්.
එහිදී අනුර කුමාර දිසානායක සඳහන් කළේ, තම රජයක් යටතේ මෑන් පවර් ආකෘතිය යටතේ තවදුරටත් පවත්වාගෙනම යාම අත්හිටුවන බවත්, මෑන් පවර් ආයතන හරහා රැකියාවන්ට බඳවාගැනීම වහල් වෙළඳාමකට සමාන බවත්ය.
ඉන් සිදුවන්නේ ශ්‍රමය නියෝජිතයෙකු හරහා විකිරීම් බවත් ඉන් නියෝජිතයන්ට කොමිස් මුදලක් ලැබෙන බවත් එය අයුක්ති සහගත බවත් ඔහු මෙහිදී පවසනවා.
