ඔයාගෙ ෆෝන් එකටත් මේ මැසේජ් එක ආවද?.එහෙනම් මේ ගැන අදම දැනුවත් වන්න.

Sri Lanka Technology
By Aruna Nov 28, 2024 03:15 AM GMT
Aruna

Aruna

Report

ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම නාමයන් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදුම් හරහා “නොමිලේ ත්‍යාග ලබාදීමක් සිදු කරන බව” දැක්වෙන පණිවුඩ ක්ලික් කිරීමට යෑමෙන් වළකින්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් මහතා පවසන්නේ, එම පණිවුඩ හුවමාරු වීම ඉහළ යෑම සම්බන්ධයෙන් සිය සංගමයට පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

ප්‍රදේශ කිහිපයක ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

ප්‍රදේශ කිහිපයක ජනතාවට විශේෂ දැනුම්දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.


මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක යම් පුද්ගලයකුගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබාගත හැකි අතර, යම් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය ගිණුම් පැහැර ගැනීමක් ද සිදු කළ හැකි බව ඒමතා වැඩිදුරටත් කියා සිටියි.

එබැවින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි ව්‍යාජ පණිවුඩ ක්ලික් කිරීමට යෑමේදි කල්පනාකාරීව කටයුතු කරන ලෙසයි.

You May Like This Video


ReeCha