ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවමක්..සමාව දෙනවනම් දෙන්නේ වසර 30කට පසුවයි..

Sri Lanka Australia Crime Murder
By Piyumika Dec 19, 2024 11:39 AM GMT
Piyumika

Piyumika

Report

ඔස්ට්‍රේලියාවේදී සිය දරුවන් ඉදිරියේදී බිරිඳට පොරොවකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවම් නියම කිරීමට එරට අධිකරණයක් තීන්දුකර තිබේ.

නොසැලකිලිමත්ව දරු ගැබක් විනාශ කර මවගේ ජිවිතයද නැසූ වෛද්‍යවරයාට අධිකරණයෙන් නියෝගයක්..

නොසැලකිලිමත්ව දරු ගැබක් විනාශ කර මවගේ ජිවිතයද නැසූ වෛද්‍යවරයාට අධිකරණයෙන් නියෝගයක්..

එසේ සිරදඬුවම් නියම කෙරුණේ දිනුෂ් කුරේරා නම් 47 හැවිරිදි පුද්ගලයෙක් ටය. එම කුරිරු ඝාතනය පිළිබඳ තොරතුරු ඊයේ වික්ටෝරියා ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේදී විස්තර කර තිබුණි.

විනිසුරු අමන්ඩා ෆොක්ස් පැවසුවේ කුරේරා ට සමාව දීමක් සම්බන්ධයෙන් සලකා බැලිය හැක්කේ වසර 30කට පසුව බවයි.

රාජාංගනය සද්ධාරතන හිමියන් කුණුහරප කියනවාද බලා වාර්තාවක් දෙන්නැයි අධිකරණය නියෝගයක්..

රාජාංගනය සද්ධාරතන හිමියන් කුණුහරප කියනවාද බලා වාර්තාවක් දෙන්නැයි අධිකරණය නියෝගයක්..

මීට වසර 2කට පමණ පෙර කුරේරා විසින් පොරොවකින් පහරදී සිය බිරිඳ වන නෙලෝමී පෙරේරා ව ඝාතනය කර තිබුණි.

එවකට ඇය 43 හැවිරිදි වියේ පසුවිය. සිය සැමියාගෙන් වෙන්වීම සඳහා ඇය සූදානමින් සිටි බව ද අධිකරණයේදී හෙළිවිය.

You may like this video

ReeCha