ප්‍රශ්න පත්‍ර ගැටළුව පිළිබඳව විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්...

Report

2024 සාමාන්‍ය පෙළ විභාගයේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපය තුළ ලැබුණු පැමිණිලි මත සිදුකෙරෙන විමර්ශනවලට අදාළව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අද දිනයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කැඳවා තිබුණි.

එහි දී ,විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසා සිටින්නේ, මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ඇතිවූ සියලු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදුන් සිසු දරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ජුනි මස ශ්‍රී ලංකාවට...

බටහිර ඉන්දීය කොදෙව් කාන්තාවෝ ජුනි මස ශ්‍රී ලංකාවට...

පැය 03ක පමණ කාලයක් මානව හිමිකම් කොමිෂන් සභාව තුළ දී මෙම පැමිණිල්ල විභාගයට ලක්කළ ඇති අතර අදාළ විභාග ශාලාවල රාජකාරි සිදුකළ නිලධාරීන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් සිදුකරන බව හෙතෙම පැවසිය.

එමෙන් ම, මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනී සිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදීම සම්බන්ධයෙන් 100%ක්ම වැරදී අදාළ නිලධාරීන් බවත් වැඩිදුරටත් පවසා සිටියේ ය.