නෙතාන්යාහුගෙන් ප්‍රකාශයක්.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසන්නේ හමාස් භාරයේ සිටින තම ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන තුරු තාවකාලිකව හෝ සටන් විරාමයකට එකඟ නොවන බවයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රූපවාහිනී දේශනයකට එක් වෙමිනි.
මේ දිනවල ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන අතර, ඔහු ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගෙන් ඉල්ලා සිටින්නේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් විරාමයකට එකඟවන ලෙසයි.