සිසුන් දෙදෙනෙකු අතර ඇති වූ දබරයක් පිහි පහරක් දක්වා දුර දිග යයි...

Sri Lanka Police Sri Lanka Hospitals in Sri Lanka School Children
By Parami Dissanayake Jun 05, 2024 05:54 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයක් දුරදිග යාම හේතුවෙන් පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියා සිටියා.

ඒ අනුව, පිහි පහර කෑ දරුවා වයස අවුරුදු 8 ක පමණ වන අතර,එම පාසල් දරුවා අඟුණකොළපැලැස්ස මූලික රෝහලට පස්වරුවේ ඇතුල් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවත් පොලිසිය පවසනවා.

ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

ප්‍රථම වතාවට චාල්ස් රජුගේ රුව සහිත මුදල් නෝට්ටු සංසරණයට...

මෙලෙස පිහි පහර එල්ල කළ බව පවසන්නේ, 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

එම දරුවා ද නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව ඇඹිළිපිටිය මහ රෝහල වෙත රාත්‍රී ඇතුළත් කර ඇති බව වාර්තා වී ඇතැයි අඟුණකොළ පැලැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා තහවුරු කර තිබේ.

විපතට පත් වුවන්ට ලබා දෙන පිසූ අහාර මිල 600ක් දක්වා ඉහළ නැංවීමට පියවර...

විපතට පත් වුවන්ට ලබා දෙන පිසූ අහාර මිල 600ක් දක්වා ඉහළ නැංවීමට පියවර...

මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ, යාබද නිවෙස් දෙකක සිටින මෙම පාසල් දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටින අය බවත්, ජංගම දුරකතන මගින් ගේම් ගැසීම සිදු කරන බවත් ය.

තුවාල ලැබූ දරුවාගේ මව රෙදි සෝදමින් සිටින අවස්ථාවේ මෙම සිදුවීම සිදු වී ඇති බවත්, දරුවා කෑගැසීමේ ශබ්දය ඇසි බලන විට දරුවාගේ පපුවේ සහ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබෙනු බව දැක වහා ප්‍රදේශවාසීන්ගේ සහාය මත රෝහල් ගත කර ඇති බවත් ය.

මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට...

මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට...