විපතට පත් වුවන්ට ලබා දෙන පිසූ අහාර මිල 600ක් දක්වා ඉහළ නැංවීමට පියවර...

Ranjith Siyambalapitiya Healthy Food Recipes Ministry of Finance Sri Lanka Economy of Sri Lanka Floods In Sri Lanka
By Parami Dissanayake Jun 05, 2024 03:25 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට ජනතාවට පිසූ ආහාර වෙනුවෙන් තනි පුද්ගලයකු සඳහා මෙතෙක් දිනකට ලබා දුන් රුපියල් 450ක මුදල රුපියල් 600 දක්වා ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ආපදා කළමනාකරණ විෂය භාර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මීට අදාළ ඉල්ලීම කර තිබූ අතර ඊට ජනාධිපතිවරයා විසින් කඩිනමින් අනුමැතිය ලබා දුන් බව ද මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා මෙහි දී පැවසීය.

තවද, පීඩාවට පත් ජනතාව වෙත තවදුරටත් සහන ලබාදීම සඳහා ඉල්ලා තිබූ අතිරේක මුදල් ද දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදා හැරීමට කටයුතු කළ බවද රාජ්‍ය ඇමතිවරයා සදහන් කර තිබෙනවා.

මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට...

මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අභිරහස් ලෙස මෝදර වෙරළට...

ඒ අනුව, වියළි සලාක වෙනුවෙන් තනි පුද්ගලයකු සඳහා සතියකට රුපියල් 900 රුපියල් 1350ක් දක්වාත් සාමාජිකයන් දෙදෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 1800 දක්වාත් ඉහළ දමා තිබෙනවා.

ඊට අමතරව, තිදෙනකුගෙන් යුත් පවුලකට රුපියල් 2100 දකවාත්, සාමාජිකයන් සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 2400 දක්වාත් , පස්දෙනෙකුගෙන් යුත් පවුලකට රුපියල් 2700 දකවාත් සතියකට වියළි සලාක වෙනුවෙන් ගෙවීමට තීරණය කර තිබෙනවා.