මඟීන් 201ක් සමග ශ්‍රී ලංකන් ගුවන් යානයක් ඉහළ අහසේදී කැඩෙයි..අවසානයේ සිදු වූ දේ ..
SriLankan Airlines
Bandaranaike International Airport
Sri Lanka
By Aruna
ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපලෙන් ගුවන් ගතවී මඳ වේලාවකට පසු කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ආපසු කටුනායක ගුවන්තොටට ගොඩ බැස්සවීමට කටයුතු කර ඇති බව වාර්තා වනවා.
මඟීන් 201ක් සමග ගමන් කරමින් තිබූ යානය, ගුවන් ගතවී විනාඩි දහයකට පසු කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් ගුවන්යානයේ නියමුවන් නැවතත් ගුවන්තොටුපළට ගොඩබස්සවා ඇති බවයි පැවසෙන්නේ.
යානය ආපසු කටුනායකට හරවා ඒමට කටයුතු කර ඇත්තේ, අලුත්වැඩියාවට විදේශ රටකට ගොස් යාමේදී විශාල මුදල් ප්‍රමාණයක් වැයවීම නිසයි.
මේ වන විට යානය කටුනායක ගුවන්තොටුපළේ, අංගනයේ අලුත් වැඩියා කරමින් තිබෙන බව වාර්තා වේ.
යානයේ සිටි මගින් වෙනත් ගුවන් යානාවලින් තම ගමනාන්ත වෙත පිටත් කර යැවීමට ද කටයුතු කර ඇති බවයි ගුවන් තොටුපොල ආරංචිමාර්ග පවසයි.
