ජනාවාස දිනයට විශේෂ සතියක්.

By Hashini Oct 02, 2023 04:58 AM GMT
Report

ලෝක ජනාවාස දිනය අදට යෙදී තිබෙනවා.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් අද (02) සිට ජනාවාස සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පැවසුවේ "සුරක්ෂිත නාගරික ආර්ථිකයක්" යන තේමාව යටතේ මෙවර ලෝක ජනාවාස දිනය සමරනු ලබන අතර මීට සමගාමීව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව ජනාවාස සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතිය තුළදී ප්‍රතිලාභීන් 500 දෙනෙකු සඳහා නිවාස හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමට නියමිතයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය දිස්ත්‍රික් මට්ටමින් නිවාස හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩ සටහනක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

විෂයභාර අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ ඉදිරි වසරක කාලය තුළ මෙම හිමිකම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙල අවසන් කරන ලෙස බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරනවා.