ඉන්දීය එක්දින නායකත්වයත් ශුබ්මන් ගිල්ට
ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ එක්දින කණ්ඩායමේ නායකත්වයට ශුබ්මන් ගිල් තෝරාගෙන ඇත.
එහිදී එක්දින (තරග 3) හා විස්සයි20 (තරග 5) තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස දී ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරත වන බව වාර්තා වේ.
පසුව ටෙස්ට් සහ විස්සයි20 කණ්ඩායම්වල ද නායකත්වය දරා ඇති ගිල් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන පළමු තරගාවලිය මෙය වේ.