ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් රජයෙන් සතුටු හිතෙන පණිවිඩයක්
ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් ''සැමට සෙවන'' නිවාස ආධාර ව්‍යාපෘතිය යටතේ ඉදිකළ නව නිවාස 7ක් විවෘත කිරීම හෙට දිනයේ (05) සිදුවේ.
ඒ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උපුල් අබේවික්‍රම මැතිතුමාගේ හා දොම්පෙ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමාගේත් ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරීන් වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ද විශේෂයෙන් සහභාගී වීමට නියමිතය.
හෙට දිනයේ (05) පෙ.ව 8.00 සිට ප.ව 2.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතව ඇත.
කෙනෙකුගේ ජීවිතයට මෙලෙස ශක්තියක් වෙන වැඩසටහන් නිතැතින් ක්‍රියාතමක් කළ යුතු අතර නිවසක් යනු බොහෝ දෙනෙක්ගේ සිහිනයකි.එම නිසාම ඒ සිහිනය සඵල කර ගැනීමට මෙවැනි ව්‍යාපෘති සැබවින්ම අගය කළ යුතුය.