රිලවියන් අවුරුද්දේ පුරාම ගැබ් ගන්නවා - මහාචාර්ය අශෝක දංගොල්ල
වසර පුරාවටම රිලවියන් ගැබ්ගන්නා බව කරන ලද පර්යේෂණයකින් පළමුවරට හදුනාගත හැකි වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල ප්‍රකාශ කර තිබේ.
මිනිසුන් සමඟ ගැවසෙද්දි මෙම සතුන් තමන්ගේ ජිවන ක්‍රම වෙනස්කරමින් හැඩ ගැසෙන බව මෙයින් මනාව හෙළිවන්නේ යැයි මහාචාර්යවරයා සඳහන් කරයි. ගැබ්ගැනීමට හේතුවක් වී ඇත්තේ මිනිසුන් සමඟ ගැවසෙන විට එම සතුන්ට අවශ්‍ය කෑම බීම මනාව ලැබෙන බවත් එයින් හොඳ පෝෂණයක් ලැබිමත් සමඟ ලිංගික කටයුතු සිදුකිරීමට හැකියාව පැවතීමෙන් බවත් මහාචාර්යවරයා පෙන්වාදෙනු ලබයි.
මහාචාර්යවරයා තව දුරටත් ප්‍රකාශ කරන්නේ සාමාන්‍යයෙන් මාස 18න් 18ට රිලවියන් පැටව් බිහිකලද මේ ක්‍රමය දැන් වෙනස් වී ඇතැයිද කොයි මොහොතක රිලවියන් ඇල්ලුවද උන්ගෙන් කීප දෙනෙකු ගැබ්ගෙන ඇති බව පසුගිය දිනවල කල පර්යේෂණයෙන් හෙලිවු බවයි මීට අමතරව මෙම පර්යේෂණයෙන් හෙළි වූ අනෙක් නවතම කාරණය වූයේ රිලව් වී ආහාරයන් ගන්නා බව යැයිද මහාචාර්යවරයා ප්‍රකාශ කරයි.
මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පවසන්නේ ගොයම් පැසෙන කාලයට රිලව් පලතුරු වතුවලට සිදුකරන හානිය අවම වී ඇති අතර එම හානිය ගොයමට සිදුකරන බවත් මිනිසුන් වෙසෙන පරිසරයන් තුළ රිලව් ගැවසීමෙන් වුන්ගේ ජීවන ක්‍රම වේගයෙන් වෙනස් කර ගනිමින් සිටින බව මෙම පර්යේෂණය තුළින් හදුනා ගත හැකි වූ බවයි