ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට
S&P ග්ලෝබල් රේටින්ස් ආයතනය මෙරට දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ශ්‍රේණිගත කිරීම SD මට්ටමේ සිට CCC+/C මට්ටම දක්වා උසස් කර තිබේ. එමෙන්ම දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
එම නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා රටේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය, වේගවත් මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු වන ගෙවුම් ශේෂ තත්ත්වය සහ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අඩුකිරීමේ තිරසාර ප්‍රගතිය යන කරුණු සැලකිල්ලට ගත් බවය.
මේ අතර ෆිච් රේටින්ස් ආයතනයද විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගුකාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව 2024 දී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ ද, රජයේ සාමාන්‍ය ණයබරතාවය ඉහළයාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම පැවති CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට හේතු වූ බවයි.