ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති විගණන සහ කළමනාකරණ කමිටුවේදි මොකද වුණේ

Report

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් (විශ්‍රාමික) මහතාගේ සභාපතිත්වයෙන් යුත් 2025 වසරේ 3 වන කාර්තුව සඳහා වූ විගණන සහ කළමනාකරණ කමිටුව ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ත්‍රිවිධ හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම (RALL) සම්බන්ධ කරුණු ආවරණය වන පරිදි පළමු සැසිය ඔක්තෝබර් 1 වන දින පවත්වන ලද අතර, රණවිරු සේවා අධිකාරිය (RSA), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව (CSD) සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල (KDU) රෝහල කෙරෙහි අවධානය යොමු කරමින් දෙවන සැසිය ඊයේ (03) පැවැත්විණි.

මෙම සැසිවාර සඳහා යුද හමුදාපතිවරුන් සහ ගුවන් හමුදාපතිවරුන්, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය විගණකාධිපති, ප්‍රධාන අභ්‍යන්තර විගණක සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (ප්‍රසම්පාදන සහ ව්‍යාපෘති) මෙන්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් සහ ත්‍රිවිධ හමුදා සහ සිවිල් පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ.

රැස්වීමක හිටිය පලියට අපිට උදව් කළා කියලා කියන්න බෑ ආයේ කියන් නෑ සනා අපේ කවුරුත් නෙවේ - සරත්

රැස්වීමක හිටිය පලියට අපිට උදව් කළා කියලා කියන්න බෑ ආයේ කියන් නෑ සනා අපේ කවුරුත් නෙවේ - සරත්

මූල්‍ය කළමනාකරණය, විගණන නිරීක්ෂණ, වගවීමේ පියවර සහ පරිපාලන ක්‍රියා පටිපාටි කෙරෙහි අවධානය යොමු කළ සාකච්ඡා  කරන ලදි. එවගේම දාළ ආයතන තුළ ඇති සියලුම මූල්‍ය හා කළමනාකරණ මෙහෙයුම් වලදී විනිවිදභාවය, කාර්යක්ෂමතාව සහ යහ පාලනයේ වැදගත්කම කමිටුව අවධාරණය කළේය.

ආයතනික අධීක්ෂණය ශක්තිමත් කිරීම, රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීම සහ ජාතික ආරක්ෂක සහ පරිපාලනය සඳහා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල දායකත්වය වැඩි දියුණු කිරීම සඳහා විගණන සහ කළමනාකරණ කමිටුව අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් ලෙස දිගටම ක්‍රියා කරනු ලබයි.

තාජුඩීන්ට මොකද වුණේ - කජ්ජගේ පුතා පොලිසියට? නෑදෑයන්වත් ප්‍රශ්ණ කරයි

තාජුඩීන්ට මොකද වුණේ - කජ්ජගේ පුතා පොලිසියට? නෑදෑයන්වත් ප්‍රශ්ණ කරයි