පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලයි

Report

මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදු කළ වැටලීමකදී පාසල් දරුවන් ඉලක්ක කරගෙන සිදු කරගන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු මොණරාගල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර ඔහුව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සැකකරු විසින් විවිධ මුදල් ප්‍රමාණයන්වලට දරුවන්හට ඊ සිගරට් අලෙවි කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය කරගන තිබේ.

පාසල් දරුවෙක් ලොරියේ හැපී කාරයක ගැටී මරුට

පාසල් දරුවෙක් ලොරියේ හැපී කාරයක ගැටී මරුට

එ වගේම සැකකරු සන්තකයේ තිබී ඊ සිගරට් සහ මුදල් ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මොණරාගල පොලීසිය විසින් තව දුරටත් ඉදිරි විමර්ශන සිදු කරයි.  

වැඩේ හරි දෙහිවල වෙඩි තිබ්බ යතුරුපැදිකරු අත්අඩංගුවට

වැඩේ හරි දෙහිවල වෙඩි තිබ්බ යතුරුපැදිකරු අත්අඩංගුවට