ලබන සිකුරාදා.. එනම් 14 වෙනිදා විශේෂ දවසක්.. එදාට වෙන දෙය මෙන්න..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Harini Amarasuriya
Latest Headlines
Decision Making
By krishani
ලබන 14 සිකුරාදා දින පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ය.
ඒ අනුව එම රැස්වීමේ දී පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීම සිදු වේ.
ඒ බව තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී ය.
කෙසේ වෙතත්, ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කර ඇති බව සදහන් වේ.
You May Like This Video👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)